එකමත් එක

කතාවකට වැඩි යමක්!
















ටික් ටික් ගාල හෙල්මට් එකට වතුර බිංඳු වැටෙනව, සුළඟ කපාගෙන ඉදිරියට යන මගෙ ඇස් කන්ණාඩි දෙකටත් වයිපරයක් තිබුන නම් වැහි වතුරට බොඳවුන මගෙ කන්ණාඩි දෙක පොඩ්ඩක් පැහැදිලි කරගන්න තිබුණ. තව ඉස්සරහට යනව මිසක් මඟ නවතින එකේ කිසි තෙරුමක් නෑ කියල මගේ මොලේ කෑගහනව. 
සීතල සුළං කන් දෙක සීතල කරන් හමගෙන යනව. කන් පෙතිවලට මේ දැනෙන සීතල මුළු ගත පුරා රැඳෙන දිනය වැඩි ඈතක නෙමෙයි, ඒත් මම නවතිනවද? මම නවතිනවද මේ වැස්සට? නෑ මම මොකට නවතිනවද මම තීරණය කළා.

වෙල් යාය මැද්දෙන් තියන පාර වැටෙන්නෙ හොල්මන් මන්දිරේකට, හෝ හෝ සද්දෙ එක්ක මේ එන හුළඟ එක්ක කොයි වෙලේ හරි මගෙ ඉස්සරහ සුදු ඇඳගත්ත හොලමක් මතුවෙයි! මොලේ විකාර වෙන්න ගත්තද මන්ද , මම ඉතිපිසෝ ගාතාව කියන්න ගත්ත. මැරෙන්න බය නැති මම හොලමන් වලට බයයි! හ හා! මටම හිනා.

කරුවල පාරෙ ඉස්සරහින් එන වාහනවල ඇස් කඩාගෙන යන කහ පාට ලයිට්, වැස්සට තෙමෙන ලිස්සන පාර. තව යන්න තියනව මට.

යන්තම් ආව, මගෙ නොම්බරේ පහ. ඉතින් ඉඳගෙන ඉන්නව දැන්. නොදන්න මූණු දිහා බල බල බය වෙනවට වඩා හොඳයි දන්න මූණක් මතක් කර ගන්නව. ටිකක් ඇස් පියා ගත්ත. "මම මැරුණොත් ඔයා අඬනවද?" චතූට මැසේජ් එකක් දාන්න හිතුන, මට බනි! හි හී! අහිංසක කෙල්ල, මම ඇත්තටම මරෙන්න යනව කියල දැනගත්තොත් මොනව කර ගනිද මන්ද.

ඔන්න මගෙ නොම්බරේ කතා කළා.

"ඔයාගෙ රෙපෝට්ස් හොඳයි, අපි හිතුව වැරදියි, ඔයාට පිළිකාවක් නෑ"

1 comments:

ම්..එක පාරට හිතාගන්න බැරිවුනා මොකද්ද මේ කියලා..

මැරෙන්න දවස ළඟයි කියලා දැනෙනකොට අපි කොච්චර සංකීර්ණ වෙනවද?..ද ගිටාර් ෆිල්ම් එක මතක් වුනා..

Powered by Blogger.

Followers